[Yahalu-Yeheli] බූවල්ලාගෙන් අනාවැකි අහගන්න...


බූවල්ලාගෙන් අනාවැකි අහගන්න....

Buuwalla.JPG

බූවල්ලාගේ අනාවැකිය 100%ක්‌ නිවැරදි වෙයි

ජගත් පාපන්දු ශූරතා අවසන් මහා තරගයේ ජය නෙදර්ලන්තය පරාජය කළ ස්‌පාඤ්ඤයට හිමිවීමත් සමග මෙවර එම තරගාවලියට අදාළ අවධානය යොමුව පෝල් නමැති බූවල්ලාගේ අනාවැකි 100% ක්‌ නිවැරදි බවට තහවුරු විය. අවුරුදු 2 ක්‌ වයසැති එංගලන්තයේ උපන් මේ බූවල්ලා මේ වන විට ජර්මනියේ ඔබර්හෝසන්හී "සී ලයිෆ් සෙන්ටර්" නමැති මින්මැදුරේ සිටින අතර ජගත් පාපන්දු ශූරතා අවසන් මහා තරගයද ඇතුළුව මෙහිදී පෝල්ගේ අනාවැකි 8 ම නිවැරදි වීම සුවිශේෂී වේ.

පෝල් සිටින ජල ටැංකියට දමා අවශ්‍ය කෙරෙන තරගයේ යෙදෙන රටවල් දෙකෙහි කොඩිවලින් යුත් බඳුන් දෙකක්‌ බහා ඒ බඳුන් තුළට කෑම දමයි අනතුරුව තම ආහාරය සපයාගැනීමට පෝල් බැසගනු ලබන බඳුනට අදාළ රට එම තරගයෙන් ජයගන්නා බවට විශ්වාස කෙරිණි.

මුලදී ජගත් පාපන්දු ශූරතා තරගාවලියේ ජර්මනිය සහභාගීවූ තරගවලට පමණක්‌ පෝල්ගේ අනාවැකි සලකා බැලූ අතර ජර්මනිය ක්‍රීඩා කළ තරග 6 ටම නිවැරදි අනාවැකි දීමට පෝල් සමත්විය.

අනතුරුව ජගත් පාපන්දු ශූරතා තෙවැනි තැන පවා පෙරේදා පැවැති අවසන් මහා තරගයට අදාළ පෝල්ගේ අනාවැකිද අතිශයින් නිවැරදි විය.

http://www.divaina.com/2010/07/13/news06.html

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 


No comments:

Post a Comment